අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. එය ජුලි මස 19 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා. ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ එසේ අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි. බුවනෙක අලුවිහාරේ මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලක් හමුවේ පෙත්සම කැදවනු ලැබුවා. ඒ අනුව ජුලි 19 වනදා එය සලකා බැලීමට අධිකරණය නියෝග කළා.