fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පළිගැනීම් සිදු නොකරන බව අධිකරණ ඇමති කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 12:03

දේශපාලන පළිගැනීම් සිදු නොකරන බව අධිකරණ ඇමති කියයි

වත්මන් රජය කිසිවෙකුගෙන් දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැති බව අවධාරණය කරනවා. උසස්වීම් ලබා දෙන්නේ ද දක්ෂතාව විනය හා පළපුරුද්ද මත බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරනවා.

තලතා අතුකෝරළ මහත්මිය මේ බව සදහන් කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්ව අසාධාරණයට පත් බන්ධනාගාර නිලධාරීන් නව දෙනෙකුට හා උසස්වීම් ලද සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් නව දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරමින්. 1999 වසරේ සිට විවිධ අවස්ථාවලදී මෙම පිරිස දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය සදහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද තිබෙන තත්ත්වයෙන් ඉදිරියට යා යුතු බවයි.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය බලයට පත් වූ දා සිටම ක්‍රියා කළ බව ද අමාත්‍යවරිය සිහිපත් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්