උ.කොරියා නායකයාට ඇමරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට ට්‍රම්ප් සූදානම්
Related Articles
ඇමෙරිකා උතුරුකොරියා සාකච්ඡා සාර්ථක වුවහොත් උතුරු කොරියා නායකයාට ඇමෙරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට අපේක්ෂා කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් හා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගිවන විශේෂ සමුළුව ලබන 12 වනදා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිතයි. එය සාර්ථකව සිදුවුවහොත් කිම් ජොන් උන්ට තම රටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට අපේක්ෂා කරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම ප්‍රකාශය සිදුකළ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මෙම සමුළුවේදී කොරියා යුද්ධය අවසන් කිරීමේ එකගතාවකට පැමිණිමට හැකිවනු ඇති බවටයි විශ්වාසය පළවී ඇත්තේ.