උගතුන් සහ බුද්ධිමතුන් රට හැරයාම බරපතල ගැටලුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් පන්සිය දෙනෙකුට පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.
නෙළුම්පොකුණ රඟහලේ පැවති උත්සවයේ දී ගුරු පත්වීම් ප්රදානය සංකේතවත් කරමින් උපාධිධාරීන් 15 දෙනෙකුට පත්වීම් පිරිනැමුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. බස්නාහිර පළාතේ පවතින ගුරු පුරප්පාඩු පිරවීම සදහා වාණිජ, කලා, විද්‍යා, ගණිත, තොරතුරු තාක්ෂණ විෂයන් සදහා මෙන්ම දෙමළ මාධ්‍ය උපාධිධාරීන් සඳහාද මෙහිදී පත්වීම් පිරිනැමුණා. නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව තම යුතුකම් ඉටුකිරීම සියලු දෙනාගේ යුතුකම බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=f8BiNIM3XeE&feature=youtu.be”]
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.