fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ කැබිනට්ටුවේ තුනෙන් දෙකක් කාන්තාවන්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 16:55

ස්පාඤ්ඤ කැබිනට්ටුවේ තුනෙන් දෙකක් කාන්තාවන්

ස්පාඤ්ඤයේ අලුතින් පත්වූ අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්ෂේස් මහතාගේ කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩු 17න් 11කටම පත්කර ඇත්තේ කාන්තාවන් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

පෙද්රෝ සැන්ෂේස් මහතා සමාජවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන දේශපාලනඥයෙක්. මේ අනුව යුරෝපයේ සෙසු රටවල් අතර කැබිනට් මණ්ඩලයට වැඩිම කාන්තා නියෝජනයක් ලබා දෙන්නේ ස්පාඤ්ඤයයි. ආරක්ෂක,ආර්ථික,මූල්‍ය සහ අධ්‍යාපන වැනි ඉතා වැදගත් ක්‍ෂේත්‍රවලට කාන්තා දේශපාලනඥවරියන් පත්කොට තිබෙනවා. ස්පාඤ්ඤයේ කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා ද ඇතුලුව 18 දෙනෙකුගෙන් සමන්විතයි. නව පත්කිරීම් සමග එහි කාන්තා ප්‍රතිශතය සියයට හැට එකයි දශම එකක් වනවා. ස්පාඤ්ඤ ඉතිහාසයේ ද කාන්තාවන් වැඩිම සංඛ්‍යාවක් කැබිනට් මන්ඩලයට පත්කළ පළමු අවස්ථාව මෙයයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්