fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථදෙකක් ගැටෙයි – පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 15:08

බස් රථදෙකක් ගැටෙයි – පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

නිට්ටඹුව, පස්යාල, මුරුතවෙල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.මහනුවර සිට කොළඹ දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට අනුරාධපුරට දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මහනුවර සිට කොළඹ බලා ගමන් කළ බස් රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කෙරුණා. ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ අවුරුදු  31 වන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලෙක් සහ අවුරුදු 22ක් වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුයි. බස් රථ දෙකෙහිම රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර ගිනිගත්හේන සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ කුඩා ලොරි රථයක කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසල් දැරියක ගැටී තිබෙනවා. ඒ සමග දැරිය විසි වී ඇති අතර ඇය මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්