කොළඹ ආශ්රිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන පද්ධතියේ එක් අදියරක ශක්‍යතා අධ්‍යන අවසන් වුණා. පරිසර අධ්‍යනය ද අවසන් කර තිබෙනවා. ජපාන ණය ආධාර මතයි දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකෙරෙන්නේ.
කොටුව සිට බොරැල්ල, කොස්වත්ත, බත්තරමුල්ල හා මාලඹේ දක්වා එය ඉදිකිරිමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ද ලංසු කැඳවන බවයි මහ නගර සංවර්ධන අමාත්‍යංශ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා ප්‍රකාශ කළේ. මාර්ග පද්ධතියේ ඊලඟ අදියර රාජ්‍ය පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙසටයි කි‍්‍රයාත්මක වන්නේ.