fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම පළාතට ක්‍රීඩා උපදේශකවරු 485ක්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 10:02

මධ්‍යම පළාතට ක්‍රීඩා උපදේශකවරු 485ක්

මධ්‍යම පළාත සදහා ක්‍රීඩා උපදේශකවරු 485 ක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව සෑම පාසල් දරුවකුටම එක් ක්‍රීඩාවක් අනිවාර්ය කොට ඇති බැවින් පාසල් සදහා ක්‍රීඩා උපදේශකවරුන් අවශ්‍ය බව ප්‍රධාන අමාත්‍යවරයා තව දුරටත් පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා වර්තමානයේ බොහෝ පාසල් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරග වලට සහභාගී වී ජයග්‍රහන ලබා ගත්තත් එම පාසල් රැසකටම රජය මගින් පත් කළ ක්‍රීඩා උපදේශකවරු නොමැති බව පෙන්වා දෙන ලදී. එබැවින් පාසල් මට්ටමින් හෝ පුද්ගලික මට්ටමින් එම පුහුණුකරුවන්ට ගෙවීම් සිදු කොට අදාල ඉසව් සදහා පුහුණුවීම් ලබා ගැනීමට බොහෝ පාසල් කටයුතු යොදමින් සිටියි.එයට විසදුමක් ලෙස රජය මගින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා උපදේශකවරු 4000 ක පමණ ප්‍රමාණයක් බදවා ගැනීමට කටයුතු යොදා ඇති බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා එයින් 485 කට ආසන්න පිරිසක් මධ්‍යම පළාතට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව පැවසීය.

මධ්‍යම පළාතේ ඉතිරිව තිබෙන ගුරු පුරප්පාඩු පිරවීමද සිදු කෙරෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා පසුගියදා පැවති තරග විභාගයෙන් සමත් වී මෙතෙක් පත්වීම් නොලද ඉතිරි උපාධිධාරීන් 1952 ගුරු සේවයට එක් කර ගැනීමට කටයුතු සකස් කරමින් පවතින බවද පැවසීය. එය බදවා ගැනීම් ක්‍රමවේදයට අනුව සිදු කෙරෙන බැවින් ඒ සදහා තවත් සුළු කාලයක් ගත වන බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා වැරදි ප්‍රචාර වලට රැවටී උද්ඝෝෂණ වල නියැලීමෙන් වලකින ලෙසද පැවසීය.

මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභාව රැස්වීය.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 10:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්