fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාකච්ඡා පවත්වන ලෙස උ.කොරියා නායකයා ආයාචනය කළ බව ඇමරිකාව පවසයි

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 09:47

සාකච්ඡා පවත්වන ලෙස උ.කොරියා නායකයා ආයාචනය කළ බව ඇමරිකාව පවසයි

ඇමෙරිකා සහ උතුරු කොරියා නායකයින් අතර සාකච්ඡාව පවත්වන ලෙස උතුරු කොරියා නායකයා ආයාචනය කළ බව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නීතීඥයා පවසනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ නීතීඥ රූඩි ජුලයනි ප්‍රකාශ කරන්නේ උතුරු කොරියා නායකයා මෙම සාකච්ඡා පැවැත්වීමට දැඩි උනන්දුවකින් සිටින බවයි. මෙම සාකච්ඡා අවලංගු කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළද ඔහු යළි එම සාකච්ඡා සඳහා එකඟතාව පළ කළා. ඊශ්‍රායලයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නීතීඥයා ප්‍රකාශ කළේ පසුගිය මාසයේ පැවැත්වීමට සැලසුම්කර තිබූ මෙම සාකච්ඡා ලබන 12 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්