fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළී 46 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 09:29

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළී 46 දෙනෙකු ජීවිතක්ෂයට

සෝමාලියා සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංගමය පවසනවා.සංක්‍රමණිකයින් පිරිස සෝමාලියාවේ සිට යේමනයට ගමන් කිරීමේ දී බෝට්ටුව පෙරලී යාමෙන් අනතුරට පත්වුණා.

යේමන් මුහුදු තීරයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා. පුද්ගලයින් 16ක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ එහි සිය දෙනෙකු පමණ සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2018 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්