ඇයි අපි ජීවත් වෙන්නේ?ජීවිතේ අරමුණු, බලාපොරොත්තු, මේ හැමදෙයක් ම අපි ජීවත්වීම ඇතුළේ තියෙන කාරණාවන්.මේ අරමුණු ඉටු කරගන්න අපිට අවශ්‍ය බොහෝ දේවල් තිබෙනවා.මුලින් ම අපිට ඕනේ හොඳ නිරෝගී මනසක්.මනස නිරෝගී වෙන්න නම් හොඳ ආහාර අවශ්‍යයයි.ඊළඟට හොඳ සුවදායී නින්දක්.එතැනදී නිදා ගන්න භාවිත කරන නිදන කාමරය කියන්නේ ඉතා ම වැදගත් තැනක්.මොකද දවස තිස්සේ ම ජීවිතය එක්ක හැප්පිලා අවසානයේ දී එදා දවසේ සියලු පීඩනය මුදා හරින්නේ ඒ ලබන පැය අටකට ආසන්න නින්දෙන්.
නමුත් ඔබ නිකමට හරි හිතුවද නිදන කාමරය ඇතුළේ ජීවිතය හොයා ගන්න පුළුවන් කියලා.මේ දේවල් පරිස්සමෙන් කියෙව්වොත් ඔබටත් ඔබේ නිදන කාමරයේ හැංගිලා තියෙන ජීවන පාඩම සොයා ගන්න හැකි වේවි…
1) වහළය – බලාපොරොත්තු ඉහළින් දල්වන්න.
2) විදුලි පංකාව – නිතරම සැහැල්ලුව සිහිල්ව සිටින්න.
3) ඔරලෝසුව – සෑම තත්පරයකදී ම ඉදිරියෙන් සිටින්න.
4) කැඩපත – සෑම කියාවකටම පෙර හැරී බලන්න.
5) කවුළුව – නිතරම අවට ලෝකය දකින්න.
6) දින දර්ශනය – හැම දවසකම යාවත්කාලීන වෙන්න.
7) දොරටුව – මාවත විවර කර ගන්න.
ඉතින් මේ කියන දේවල් ගැන ඔබ මීට පෙර හිතුවාද??? ජීවිතය ජීවත් කරවන ජීවන පාඩම නිදන කාමරයට ගිහින් ඉගෙන ගන්න. වෙනස් ව හිතන්න… එවිට වෙනස් දේ දකින්න හැකි වේවි.අද රටට අවශ්‍ය වෙන්නෙත් වෙනස්ව හිතන, ජීවිතය වෙනස් ව දකින මිනිස්සු…
සුපුන් භාග්‍යා වීරකෝන්