“Game Of Throne ” චිත්‍රපටයේ රඟ පෑ කිට් හා රෝස් ට මංගල සීනු
Related Articles
හොලිවුඩයෙන් ඇහෙන තවත් මංගල්‍යයක් ගැන කියන්නයි මේ සූදානම. සුප්‍රකට හොලිවුඩ් නළු නිළි දෙපළක් වන කිට් හැරින්ග්ටන් හා රෝස් ලෙස්ලි ඔවුන් ගේ විවාහයට දින නියම කරගෙන තිබෙනවා. “Game Of Throne “ චිත්‍රපටයේ එක්ව රඟ පෑ මේ යුවළ විවාහ ගිවිස ගත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි. ලබන 23වන දා ඔවුන්ගේ විවාහ උත්සවය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් (Aberdeenshire) හි මාළිගයක පැවැත්වීමට නියමිත බව ලොව පුරා රසිකයන් ට ඔවුන් අනාවරණය කර තිබුණා. මේ මාළිගය දේශපාලනඥයෙකු වන රෝස් ගේ පියා ට අයිති මාළිගයක් බවයි පැවසෙන්නේ.කොහොම වුණත් කිට්ගේත් රෝස්ගේත් රසිකයන් ට නම් ජූනි 23වනදා එළඹෙන තෙක් ඉවසිල්ලක් නොමැති බව නම් නොඅනුමානයි…
ඔවුන් දෙපළගේ ඡායාරූප කිහිපයක් පහතින්