fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණියට පැය 12 ක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 13:21

කැලණියට පැය 12 ක ජල කප්පාදුවක්

කැලණියේ ප‍්‍රදේශ කිහිපයකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. අද (06) රාත‍්‍රී 11 දක්වා එය ක‍්‍රියාත්මක බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ක‍්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් සිදුකිරීමයි ඊට හේතුව.

ඒ අනුව කැලණිය , වත්තල , බියගම , මහර, දොම්පේ, ගම්පහ සහ ජාඇල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේ. පෑලියගොඩ, වත්තල , ජාඇල සහ කටුනායක – සීදුව නගර සභා බල ප‍්‍රදේශ සදහා ද පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්