fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති සහභාගිත්වයෙන් රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:37

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති සහභාගිත්වයෙන් රැස්වෙයි

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින්වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප‍්‍රධාන ලේඛකාධිකාරි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින්වහන්සේ, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත මාහල්ලේ ධර්ම කීර්ති ශ‍්‍රී සුමංගල විපුලතිස්සභිධාන සංඝනායක ස්වාමින්වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්