අක්මා බද්ධ සැත්කම් පොරොත්තු ලේඛනය අවම කිරීමට නව පියවරක්
Related Articles
කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00 න් පසු සිදුකිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශියවෛද්ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත. එමගින්පොරොත්තු ලේඛණය අවම කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ සදහා අවශ්‍ය සැළසුම් සකස් කරන ලෙසත්, පස්වරු 4.00 න් පසු සිදුකරන සැත්කම් සදහා අවශ්‍ය නම් ගෙවීම් කිරීමට සුදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහල්වල අක්මා බද්ධ සැත්කම් විශේෂඥ වෛද්‍යවරුන්ට දැනුම් දෙන ලදි.
මේ වන විටකොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ සැත්කම් 30 ක් පමණ සිදුකර ඇත. අක්මා බද්ධ සැත්කම් නොමිලේ සිදු කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. රාගම ශික්ෂණරෝහලේ ඉදිකරන නව ගොඩනැගිල්ලේ පිහිටි දැඩි සත්කාර ඒකකය තුල ද අක්මා බද්ධ සැත්කම්සිදු කිරිමට සැළසුම් කර ඇත. තව ද එමසැත්කම් සදහා අවශ්‍ය අවයව ගුවනින් ප්‍රවාහනය කිරීම සදහා අවහ්‍ය පහසුකම් සපයා දීමටඅමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. මේ පිළිබදව ගුවන් හමුදාපතිවරයා සමග සාකච්ඡාවක් ද පවත්වා තිබේ.