නාය යාම් අවධානම් සහිත ස්ථානවල ජීවත් වන ජනතාවට ඉඩම් මිළදී ගැනිමට රජයෙන් මුදල් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඉඩමක් මිලදී ගැනිමට හා නිවසක් ඉදිකිරිමට අරමුදල් සම්පාදනය කිරිමයි අරමුණ. නාය යාමේ අවධානම් ස්ථානවල ජීවත් වන පවුල් 1400ක් පමණ හදුනාගෙන ඇති බවයි පාලිත රංගෙබණ්ඩාර මහතා පවසන්නේ.
බදුල්ල, නුවරඑළිය, මාතලේ, කළුතර ඇතුළු දිස්ත්‍රික්වල නාය යාමේ අවධානම් ස්ථාන පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබෙනවා.