fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:12

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි වෙයි

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක් හෙළිකර ගැනීමට ගලේවෙල පොලීසිය සමත්වුණා.ඒ සම්බන්ධයෙන් ගලේවෙල නගරය ආසන්නයේදී සැකකරුවෙකු අත්ඩංගුවට ගැනුණා.

කේෂමූර්ති කිස්මේප්‍රසාත් නමැති ඔහු හෙරොන් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව පොලීසිය පවසනවා. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මොහුට හෙරොයින් පානය සදහා ලබාදී හෙරොයින් පාර්සලයක් ද අතට ලබාදී යාපනය බලා යන බස් රථයකට නංවන බව හෙළිව තිබෙනවා. යාපනයට පැමිණෙන මොහු දුරකතනයෙන් කෙසෙල්වත්තේ සිටින ජාවාරම්කරු සමග සම්බන්ධ වී ඔහුගේ දැනුම්දීම මත යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට එම හෙරොයින් ලබාදීමට ක්‍රියාකර තිබෙනවා. යාපනයේදී ද මොහුට පානය සදහා හෙරොයින් ස්වල්පයක් ලබාදීම සිදුකෙරෙනවා. අනතුරුව ඔහු කොළඹ බලා පැමිණීම සාමාන්‍ය ක්‍රියාවලියයි. මෙය කලක් තිස්සේ සිදුව ඇති බව ගලේවෙල පොලීසිය කළ පරීක්ෂණවලදී හෙලිව තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනය අමතක වී ගලේවෙල නගරයෙන් බැස සිටියදී ලැබුණ තොරතුරකට අනුවයි. සැකකරු ගලේවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර දින 7ක් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්