සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට
Related Articles
අන්තර් ක්‍රීඩා සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත්වුණා. ඒ යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම පරාජයට පත්කරමින්.
නව තුරඟ තරග රග්බි ක්‍රීඩා පිටියේ පැවති තරගාවලිය සදහා කාන්තා රග්බි කණ්ඩායම් 4ක් එක්ව සිටියා. කාන්තා අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සහ යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය නිමාවනවිට ලකුණු 5ට 7ක් ලෙස ඉදිරියෙන් සිටියේ යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායමයි. එහෙත් දෙවන අදියරේදී යුද හමුදා කණ්ඩායමට කිසිදු ලකුණක් ලබාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම ඉඩ ලබාදුන්නේ නැහැ. මේ අනුව ලකුණු 15ට 7ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් තරගයේ ජය වාර්තා කිරීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත්වුණා.