ගෝතමාලවේ ගිනි කන්ද යළිත් පිපිරිමට ලක්වුණා. ලාවා සහ අළු ගිනි කන්දෙන් වැඩි වශයෙන් නිකුත් වන බවයි බලධාරින් පවසන්නේ. බලපෑම් එල්ලවූ සංඛ්‍යාව ලක්ෂ 17ක්. තුන් දහසකට වැඩි පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර තිබෙනවා. පුද්ගලයන් 75 දෙනෙකු මිය ගියා.
තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි ගෝතමාලා රජය ප්‍රකාශ කළේ. සහන සැළසීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.