fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායි සිට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් රේගු දැලේ

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 09:20

ඩුබායි සිට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් රේගු දැලේ

නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගත්තා.කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී විදේශ මුදල් තොගය සොයාගෙන තිබෙනවා. එම මුදල් අතර ඇමෙරිකා ඩොලර්, හොංකොං ඩොලර්, යෙන්, නෝර්විජියන් ක්‍රෝනර්, සවුදි රියාල්, ඕමාන් රියාල් ඇතුළු මුදල් තිබූ බව රේගුව සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2018 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්