තමා ද සොබාදහමේ ම නිර්මාණයක් බව අමතක කරන මනසින් උසස් යැයි සළකන මිනිසා නම් ජීවියා ගේ අණසක යටතට වැටුණු අරුම, පුදුම නමක් නැති, තැනූ කෙනෙක් නැති නිර්මාණය, පරිසරය වෙනුවෙන් වෙන් කළ දිනය අදයි. 1972 ස්වීඩනයේ දී එක්සත් ජාතීන් විසින් එකට එක්ව සම්මත කළ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස ලෝක පරිසර දිනය ජූනි මස 05 වන දා ලෙස නම් කෙරුණි.ඒ අනුව ලෝක වාසීන් 1973 වසරේ සිට සෑම වසරකම එම දිනය පරිසරය වෙනුවෙන් වෙන් කර තිබේ.ලොව වටා පරිසරය පිළිබඳ දැනුම්වත් කිරීම හා පරිසරය කෙරෙහි දේශපාලන අවධානය හා ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මේ පනත සම්මත කිරීමේ අරමුණු ය.
පරිසරය අයිති කාටද?
පරිසරය විවිධාකාරයෙන් අර්ථ දැක්විය හැකිය.ඒ පිළිබඳ විවිධ අර්ථකතන සැපයිය හැකි වුවත් ඒ වෙනුවෙන් ලිපියේ ඉඩක් වෙන් නොකරන්නේ ද අප කවුරුත් පරිසරය යනු කුමක්දැයි හෝඩිය ඉගෙන ගන්නා බාල වියේ සිටම ඒ පිළිබඳ හොඳින් ම දන්නා බැවිනි. පුංචි කාලයේ අම්මා අපට බත් කවන්නේ හඳ මාමා කිරි පැණි ගෙනත් දෙනවා යැයි කියමින් ය.ගසක අත්තක කිචි බිචි ගාමින් සිටින කුරුල්ලෙක් පෙන්වමින් ය. පාසලේ දී අප ආරම්භක විද්‍යාව,පරිසරය වැනි විෂයයන් උගනිද්දි ගස්වැල්,සතුන්, ගංගා ඇළ දොළ දිය ඇළි පිළිබඳව බොහෝ දේ උගත්තෙමු.ඒ වගේ ම අප ගන්නා හුස්ම පවා අපට ලැබෙන්නේ සොබාදහමෙන් බව ද අපි උගත්තෙමු. මේ සියල්ල අප වසර 13ක පාසල් කාලය පුරාම ඉගෙන ගත්තෙමු.එහෙත්… ඉන් කිසියම් හෝ ඵලයක් ලැබුණේද? ප්‍රතිඵලයක් ලද්දේ නම් ඒ කෙසේද?
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Social-Environment-Corporate-Nature-Love-Conscious-Care.jpg”]
මේ තරම් සොබාදහම සමඟ ගනුදෙනු කරන සත්ව කොට්ඨාසයක් වුවත්,මනසින් උසස් නිසාමදෝ පරිසරය අයිති මිනිසාටම පමණක් ය යන ආත්මාර්ථකාමීත්වයෙන් ඔද වැඩී ගිය පිරිසක් බවට අප පත් වී තිබේ. ඒ ආත්මාර්ථකාමීත්වය නිසාම මිනිස් අවශ්‍යතා සඳහා ම පමණක් පාරිසරික සම්පත් යොදා ගැනීම උදෙසා අප විසින් කටයුතු කරමින් සිටියි.ඒ සඳහා ගහකොළ සතා සීපාවා පමණක් නොව සොබාදහම සතු අවසාන සාරය ද අප අපටම අයිති කරගෙන තිබේ.පරිසරය අයිති මිනිසාට පමණක් නොවේ.දෙපයින් ඇවිදින මිනිසාටත් වඩා පරිසරයට ආදරය කරන වන සතුන්,අහසේ පියඹන කුරුල්ලන්, ජලයේ පිහිනන මත්ස්‍යයින් ආදී එකී නොකී සියලුම දෙනා ට පරිසරය අයිති ය. කොටින් ම කිවහොත් ඇසට නොපෙනෙන කුඩාම ජීවියා පවා මේ පරිසරයේ උරුමක්කාරයෙකි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/env-policy-hero2-TVA-Norris_009.jpg”]
මෙවර පරිසර දින තේමාව
මෙවර පරිසර දින තේමාව සමස්ථ පෘථිවි වැසියන්ටම ඉතා වැදගත් වන්නකි.” ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු ” යනුවෙන් එක්සත් ජාතීන් මෙවර පරිසර දින තේමාව නම් කොට තිබේ.මින් අපට ඒත්තු ගන්වන්නේ අපේ එදිනෙදා ක්‍රියාකාරකම් තුළ අහස, පොළොව, ජලය, වාතය පමණක් නොව සියලු ජීවීන් සුරැකීමට අප විසින් ම පරිසරයට එක් කරන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීමට දැන් කාලය එළඹ ඇති බවය.
ඔව්… ඔබ හරි… ප්ලාස්ටික්වලින් බොහෝ ප්‍රයෝජන තිබෙනවා.ඔබ හිතුවේ එය නේද?නමුත් ඒ ප්‍රයෝජන හා සමානවම ඇතැමි විට ඊටත් වඩා ඉන් ලැබෙන දරුණු පාරිසරික ප්‍රතිවිපාක හමුවේ තනිව භාවිතයට ගත හැකි හෝ නැවත නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් යොදා ගැනීමට අපට හැකි නම්…. එය ඉතාම වැදගත් නමුත් ඔබ ඒතරම් නොසිතන කරුණක් විය හැකියි.
ලෝකයේ සෑම මිනිත්තුවකම ප්ලාස්ටික් ජල බෝතල් මිලියනයක ප්‍රමාණයක් අළෙවි වේ.මෙහි සරල අදහස මිලියනයක මිනිසුන් සෑම මිනිත්තුවකටම වරක් ප්ලාස්ටික් ජල බෝතල් මිළදී ගන්නා බවයි.ඒ පමණක්ද? සෑම වසරකම මිලියන පහකට වැඩි යළි යළිත් භාවිත කළ හැකි ප්ලාස්ටික් (බෑග්) ගමන් මලු අප භාවිත විසින් භාවිත කරනු ලබයි.සමස්ථයක් ලෙස ගතහොත් එක් පුද්ගලයෙක් 50%ක ප්ලාස්ටික් ප්‍රමාණයක් සිය භාවිතයට ගනු ලබයි.තවත් වැදගත් කරුණක් මතක් කර දිය යුතුය. වෙළෙඳපොළේ ඇති ප්ලාස්ටික් ඇසුරුම් කළ ආහාරපාන ආදිය අප නිතර මිළදී ගනු ලබනවා.එලෙස මිළදී ගන්නා ප්ලාස්ටික් ඇසුරුම්වලින් 1/3ක් අප විසින් ස්වභාවික පරිසරයට එක් කරනවා.මෙලෙස බාහිර පරිසරයට එක් කරන ප්ලාස්ටික් ටොන් මිලියන 13ට වඩා ප්‍රමාණයක් මිනිසුන් විසින් සාගරයට එක් කරයි. ඒ තුළින් මුහුදු ජීවීන්, කොරල් පර ඇතුළු සොබාදහමට හිමි සාගරයේ ස්වාභාවික සම්පත් සීඝ්රයෙන් විනාශ වෙමින් පවති.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/turtle.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/medioambiente09.jpg”]
එක්සත් ජාතීන් ගේ පාරිසරික ඒකකය (UN Environment) පවසන අන්දමට මිනිසා විසින් සෑම වසරකම සාගරයට එක් කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සියල්ල එකට එක්කළහොත් එය පෘථිවිය වටා වට හතරක් එතිය හැකි අතර එම ප්ලාස්ටික් සියල්ල විනාශ වීමට වසර 1000ක් ගත වේ.ප්ලාස්ටික් මඟින් ජලයට එක්වන අහිතකර ද්‍රව්‍ය පිළිබඳව ද මෙහිදී සඳහන් කළ යුතුය.එමඟින් ශරීරයට සිදුවන හානිය මිනිසුන් ට පමණක් නොව සතුන්ට ද පොදුය.සැබවින් ම ප්ලාස්ටික් මඟින් ජලයට එක්වන රසායන ප්‍රමාණය පිළිබඳව ඔබට සිතා ගැනීමටවත් නොහැකිය.මෙම රසායන ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව විද්‍යාඥයන් ට පවා නිසි ගණනය කිරීමක් ලබා දිය නොහැකි වී තිබේ.එසේ ඇතුළත් වන රසායනික අතර අධික විෂ සහ පිළිකාකාරක අඩංගු වේ.ඒ මඟින් මිනිස් හෝමෝනවලට දැඩි බලපෑමක් සිදු කළ හැකිය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/DUYeSlmXkAAxQU2.jpg”]
නැවත භාවිත කරන්න… නැති නම් භාවිතය අඩු කරන්න…
මේ වසරේ ජගත් පරිසර දින තේමාව අප සියලු දෙනාටම යළි සිතන්නට අවස්ථාව සළසා දී තිබේ.ප්ලාස්ටික් දූෂණය පිටුදැකීමට විශ්වීයව එක් වීමට අපට ඇති හොඳම අවස්ථාව මෙයයි.ඉතින් ඒ සඳහා යහපත් පියවරක් ගැනීමට තවත් පසුබට විය යුතුද? අපට කළ හැකි ඉතා ම සරල දේවල් බොහොමයකි.
ඔබ මිතුරන් සමඟ ගොඩ වන අවන්හලේ සිසිල් බීම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට(Plastic Straws) භාවිත කිරීම අවම කරන ලෙසට ඉල්ලීමක් කිරීමට ඔබට හැකියි.
ඔබ කාර්යාලයට යන විට ඔබටම වෙන් වූ ප්ලාස්ටික් නොවන කෝපි කෝප්පයක් භාවිත කළ හැකියි.
නිවාඩු දිනයේ ඔබ පොළට යන්නේ නම්, වෙළෙඳසැළට යන්නේ නම්, ඔබ විසින් මිළදී ගන්නා බඩු බාහිරාදිය දැමීම සඳහා ප්ලාස්ටික්,පොලිතින් නොවන ගමන් මල්ලක් ගෙන යාමට කාරුණික වන්න
ඇසුරුම් කළ ආහාර මිළට ගන්නා ස්ථාන වලදී ඔබට ලබා දෙන පොලිතින් , ප්ලාස්ටික් මල්ල ප්‍රතික්ෂේප කිරීමට හා එවැනි දෑ පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන ලෙසට කාරැණික ඉල්ලීමක් කිරීමට ඔබට හැකියි.
ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු භාවිතයෙන් ඉවත් වීමද ඉතාම සාධනීය පියවරක් ලෙස කළ හැකි දෙයකි.
ඔබ සංචාරයක නිරත වෙනවා නම්, පොලිතින්,ප්ලාස්ටික්වලින් තොර බඩු බාහිරාදිය ගෙන යාමට පියවර ගැනීමට ඔබට හැකියි.
මේ සඳහන්මේ කළේ ඉතාම සරල කාරණා කිහිපයක් පමණි.මේ සියල්ල ට අමතරව තවත් අපට කළ හැකි දේ බොහෝ තිබේ.සිතන්න..අද ඔබට සිතන්නට බොහෝ දෑ ඇති දිනයයි….