fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරි පොටර් ලියූ රෝලින්ග් ගේ මීලඟ වැඩේ මොකක්ද?

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2018 14:53

හැරි පොටර් ලියූ රෝලින්ග් ගේ මීලඟ වැඩේ මොකක්ද?

සුප්‍රකට හැරි පොටර් කතා මාලාව රචනා කළ ජේ.කේ.රෝලින්ග් මේ දවස්වල අළුත් ම වැඩකට යොමු වෙලා තියෙනවා.ඇත්තටම මොකක්ද? තවත් අළුත් ළමා කතාවක්? නැහැ.රෝලින්ග් මේ පාර ලෑස්ති වෙලා ඉන්නේ වෙනමම දෙයකට. “Fantastic Beasts -03”  තිර රචනය ලිවීමේ කාර්යයට ඇය අත ගසා තිබෙන සුභාරංචිය ඇය ලොව පුරා සිටින තමන් ගේ රසිකයන්ට කිව්වේ පසුගිය දවසක ඔවුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින්.ඒ ඇයගේ පෞද්ගලික වෙබ් අඩවිය ඔස්සේයි.

අපි කවුරුත් දන්නා පරිදි රෝලින්ග් ගේ හොඳම අළෙවියෙන් යුත් කතා පොත් තමයි “හැරි පොටර්” සහ “ද විසාzඩින්ග් වර්ල්ඩ්” කියන්නේ.හැබැයි මේ පොත් දෙකම බලද්දි “Fantastic Beasts -03” කියන්නේ වෙනස් ම විදියේ කතාවක්.කොහොම වුණත් රෝලින්ග් නම් කියන්නේ ළමා කතා රචනයට වඩා චිත්‍රපටයක තිර රචනය කිරීම අභියෝගාත්මක වගේ ම  වෙනස් ම අත්දැකීමක් බවයි.හැබැයි ඒ අභියෝගය බොහොම සතුටින් භාර ගන්නා බවත් ඇය තමන් ගේ රසිකයන් ට කියා තිබෙනවා.මේ තිර රචනයෙන් පසු ඇය තවත් ළමා කතා පෙළක් ම රචනා කරන්න බලාපොරොත්තු වන බවත් කියා තිබෙනවා.හැබැයි රෝලින්ග් ඒ ලියන්න බලාපොරොත්තු වෙන එක කතාවකවත් “හැරි පොටර්” සහ “ද විසාzඩින්ග් වර්ල්ඩ්” කියන කතාවලට සමාන කතාවන් නම් අපිට බලාපොරොත්තු වෙන්න එපා කියලායි රෝලින්ග් කියන්නේ.මොකද ඒ ළමා කතා පෙළ අළුත් ම ආරක කතා පෙළක් විදියට එළි දක්වන්නයි ඇගේ බලාපොරොත්තුව.

“Warner Brothers” ඉදිරිපත් කිරීමක් වන “Fantastic Beasts -03” චිත්‍රපටය නොවැම්බර් මාසයේ 16 වනදා ලොව පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනයට යොමු කිරීමට බලාපොරොත් වෙන බව සඳහන්.මීට පෙර Fantastic Beasts කතා මාලාවන් හි රඟපෑ ශිල්පීන් ගේ චරිත කොයි විදියට “Fantastic Beasts -03” චිත්‍රපටයේ දී වෙනස් වෙයිද කියලා බලන්න නම් ඉතින් නොවැම්බර් 16 වෙනතුරු ඉවසන්න වෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2018 14:53

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්