නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ රේගුව සමත්වුණා.ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද අලුයම පැමිණි මෙම සැකකරු ශ්රී ලාංකිකයෙකු වනවා.
නීති විරෝධී ලෙස ඔහු රැගෙන ආ දුම්වැටි අසුරන 398 ක් හා දුම්වැටි විසිනවදහස් නවසිය හැටක් රේගු භාරයට ගත් බවයි කටුනායක රේගුව ප්රකාශ කළේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට ආසන්න බව ද වාර්තා වනවා.