අම්බලන්තොට “සඵලගම” උදා ගම්මානය අද ජනතා අයිතියට
Related Articles
නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 76වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, බටඅත දකුණ “සඵලගම” අද (05) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
මෙහි මුළු නිවාස ගණන 29කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“සඵලගම” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 4කි. සෑම නිවසකටම පර්චස් 20බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල් රුපියල් මිලියන 178කි.