ග්වාතමාලාවේ ෆියුගෝ ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ග්වාතමාලාවේ අගනුවරට කිලෝ මීටර 40ක් දුරිනුයි මෙම ගිනි කන්ද පිහිටා තිබෙන්නේ.
ගිනිකන්දෙන් විෂ වායුව සහිත දුම සහ අළු අධික ලෙස පිටවෙමින් පවතින අතර එරට ආපදා කළමනාකරණ අංශය පැවසුවේ එල් රෝඩියෝ ප්‍රදේශයේ ලාවා ගලා ඒම හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි. පුද්ගලයින් විශල පිරිසක් අතුරුදන්වී ඇති බවද එරට වාර්තා සදහන් කරනවා. පවතින තත්ත්වය හමුවේ අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට වාර්තා සදහන් කරන්නේ.