fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබුල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2018 16:57

කාබුල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්ථා වනවා.  මුස්ලිම් නායකයින් දෙදහසක් පමණ රැස්ව සිට බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඔවුන් රැස්ව තිබෙන්නේ ත්‍රස්තවාදය හෙළා දැකීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි. කාබුල් අගනුවර තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආසන්නයේදීයි මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ. ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිළධාරියකු පැවසුවේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයකින් භාර ගෙන නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2018 16:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්