අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්රීඩා සමාජය සමත් වුනා. ඒ අවසන් මහා තරගයේදී පොලිස් රග්බි කණ්ඩායම පරාජයට පත් කරමින්.අදියර දෙකකින් පැවැත්වෙන තරගාවලියට කණ්ඩායම් 16 ක් එක්ව සිටියා.
නව තුරග තරග ක්රීඩා පිටියේ පැවති තරගාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ පොලිස් රග්බි කණ්ඩායම හා මහනුවර ක්රීඩා සමාජයයි. තරගයේ පළමු අර්ධය නිමා වන විට පොලිස් කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ. ඒ වන විට මහනුවර කණ්ඩායම ලකුණු 7 ක් වාර්තා කර සිටියා. උණුසුම් මුහුණුවරක් ගත් දෙවන අදියරේදී ගෝල තුනක් සමගින් ලකුණු 26 ක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. පොලිස් කණ්ඩායමට ඒ වන විට ලබා ගත හැකි වූයේ ලකුණු පහක් පමණයි.