සංජේ දත් ගේ ජීවිත කතාව ” සංජු ” නමින් සිනමාවට
Related Articles
බොලිවුඩය කියන්නේ අපූරු තැනක්.විවිධ චරිත, විවිධ නළු නිළියන්, සුන්දර කතා තේමා රැගත් චිත්‍රපට, අපූර්ව ගීත, ආදී මෙකී නොකී සියල්ලක් ම සමඟ ලොව පුරා රසිකයන්ගේ සිත් වශී කරන්නට සමත් වූ තැනක් විදියට බොලිවුඩ් සිනමාව හඳුන්වන්න පුළුවන්.
ඒ අතර බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක් වන අලුත් ම චිත්‍රපටය ” සංජු ” නමින් ජූනි මස 29 වනදා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.බොලිවුඩයේ සුපිරි නළු සංජේ දත් ගේ ජීවිත කතාව ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය වීම මෙහිදී සුවිශේෂී කරුණක්.සංජේ දත් කියන්නේ ජීවිතේ විවිධ කාලවලදී විවිධ කරදර, බාධකවලට මුහුණ පෑ පුද්ගලයෙක්.ඔහුගේ ජීවිතයේ විවිධ පරිච්ඡේදයන් රැගත් අපූර්ව සිදුවීම එකට කැටි කළ ” සංජු ” චිත්‍රපටය බොලිවුඩය පමණක් නොවෙයි මුළු ලෝකයම කැළඹිමට පත් කරනු නොඅනුමානයි.
හැමදාමත් බොලිවුඩයට විවිධ තේමා ඔස්සේ චිත්‍රපට (3 Idiots, Munna Bhai, PK) නිර්මාණය කළ රාජ් කුමාර් හිරානි (Raj Kumar Hirani) මෙවර අළුත් ම කතා තේමාවකට යොමු වී තිබීම විශේෂත්වයක්.ඒ ජීවත්ව සිටින පුද්ගලයෙකු ගේ චරිතාපදානය සිනමාවට නැගීමයි.මේ චිත්‍රපටයේ සංජේ දත් ලෙස රන්බීර් කපූර් රංගනයෙන් එක් වන අතර පරේෂ් රාවල්, මනීෂා කොයිරාල, විකී කෞෂාල්, ඩියා මිර්සා, සෝනම් කපූර්, අනුෂ්කා ශර්මා, බෝමන් ඉරානි චරිත නිරූපණයේ යෙදෙනවා.
ජූනි 29 වනදා ප්‍රදර්ශනයට නියමිත ” සංජු ” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් …