සබරගමු විශ්වවිද්‍යාල සිසුවාගේ අත බද්ධ කිරීමේ ශල්‍ය කර්මය අසාර්ථක වී තිබෙනවා. අතට දැඩි ලෙස හානි සිදුව තිබීම ඊට හේතුව බව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසනවා.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක පිටුපස ආසනයේ වාඩි වී සිටි මෙම සිසුවා අතක් එළියට සිටින සේ බස් රථයේ ගමන් කරමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් ගත් ටිපර් රථයක වැදීමෙන් අත ගැල වී ගියේ ඊයේ දිනයේයි. ශරීරයෙන් වෙන් වූ අත අයිස් සහිත බෑගයක දමා රෝහල වෙත රැගෙන යාමට විශ්වවිද්‍යාල සිසුවාගේ මිතුරන් පිරිසක් කටයුතු කළා. රත්නපුර රෝහලට ඇතුලත් කළ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගත්තා. එහිදී අත බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදු කළද එය අසාර්ථක වූ බව වෛද්‍යවරුන් පවසනවා.
වෛද්‍ය සමිද්දි සමරකෝන් – නියෝජ්‍ය අධ්යක්ෂ – හදිසි අනතුරු අංශය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=zdMxQEyZ7xc&feature=youtu.be”]