තැපැල් සේවකයින්ගේ ගැටළුවලට සති දෙකක් තුළ විසදුම් ලබා දීමට සූදානම් බව තැපැල් අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් වැළකී හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය තීරණය කර තිබුණේ අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජණයක් ආරම්භ කිරීමටයි. තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථිර කිරීම ඇතුව තවත් ඉල්ලීම් කිහිපයක් ඊට අයත්. මෙම වර්ජණය සම්බන්ධයෙන් තැපැල් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීම සදහා මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
අමාත්‍ය එම් එච් ඒ හලීම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=IhpBFT9QNP0&feature=youtu.be”]