ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොළඹ අපේගම පරිශ්‍රයේදී රැස්විය.පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරු පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස මෙහිදී තෝරාපත්කර ගනු ලැබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න යන මහත්ම මහත්මීන් පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස පත්කර ගැනිණි. පක්ෂයේ සභාපතිවරයා ලෙස නැවතත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා තෝරාපත් කර ගන්නා ලදී.පක්ෂයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කටයුතු කරනු ඇත.පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත්, භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාත් පත් කර ගැනිණි. පක්ෂයට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් සිව් දෙනෙකි. ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්.ඩී. ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්තුරුයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරු ලෙස ඒ.එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණිද ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් පත් කර ගැනිණි. නව උපලේකම්වරු ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසානයක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන් පත් කර ගැනිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලූම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු මධ්‍යම කාරක සභාව සඳහා තෝරාපත් කර ගැනිණි. ඊට අමතරව පක්ෂයේ සභාපති විසින් මධ්‍යම කාරක සභාවට පත්කළ යුතු අනෙකුත් පත්වීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ස්ථාපිත කළයුතු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය නියෝජනය කරන සංවිධායකවරු, වෘත්තිකයින්, කලාකරුවන් ඇතුළු ජාතික වැදගත්කමක් ඇති විවිධ සංවිධාන හා ඊට අනුබද්ධිත සංවිධාන ඉදිරියේදී පත්කර ගැනීමට නියමිතව තිබේ.