දූරියන් අභ්‍යවකාශයට යැවීමට තායිලන්තය සැලසුම් කර තිබෙනවා. අනාගත අභ්‍යවකාශ ගමන් සදහා සුදුසු තායි ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියක් ලෙස එය සැලකිය හැකි බවයි තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සදහන් කළේ.
ලබන මාසයේදී එය ක්‍රියාවට නැංවීමයි සැලසුම. අග්නිදිග ආසියාවේ සුලභ පලතුරක් වන දූරියන් ලොව සුවදින් වැඩිම පලතුරු විශේෂය ලෙසයි සැලකෙන්නේ.