fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොලිවුඩයේ රජු රැජිනි කාන්ත්ගේ අළුත් ම චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 18:47

කොලිවුඩයේ රජු රැජිනි කාන්ත්ගේ අළුත් ම චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම්

රැජිනි කාන්ත් කියන්නේ කොලිවුඩ් සිනමාවේ රජු වගේ ම ඉන්දියාවේ වැඩිම මුදතක් අය කරන රංගන ශිල්පීන් අතර ඉහළින් ම සිටින අයෙක්. රැජිනි ගේ චිත්‍රපට එදා සිට අද දක්වා ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ආදරය මැද තිරගත වන්නේ වාර්තා පිට වාර්තා තබමින්. මේ වන විට රැජිනි කාන්ත් සිය ජීවිතයේ 67 වන කඩඉම පසු කරමින් සිටියත් සිනමාවේ පෙරළි පිට පෙරළි ඇති කිරීම නම් නවත්වා නැහැ. ඒ බව ඔහුගේ නවතම චිත්‍රපටයෙන් මොනවට පැහැදිලි වෙනවා.

“කාලා”  (Kaala) ලෙසින් නම් කර ඇති මෙම චිත්‍රපටය කොලිවුඩයේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසින් ප්‍රදර්ශනයට එක් වන්නේ ජූනි මස 07 වනදා යි. Pa. Ranjith ගේ අධ්‍යක්ෂණය හා තිර රචනයක් වන මෙ‍හි නිෂ්පාදනය රැජිනි ගේ බෑණා වන ප්‍රකට නළු ධනුෂ් ගෙන් වීම විශේෂත්වයක්.දමිළ බසින් මෙන් ම තෙළිඟු, මලයාලම්, සහ හින්දි යන භාෂාවන්ගෙන් ද චිත්‍රපටය හඬ කැවීම් සිදු කර තිබෙනවා.

රැජිනිකාන්ත්, නානා පටේකාර් සහ හුමා කුරේෂි ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි පූර්ව ප්‍රචාරක පටය පහතින්.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 18:47

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්