fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 18:40

පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙයි

ලොවපුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර විසි පහකට පෙර උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩියෙන් ජිවත් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ද ග්ලෝබල් බර්ඩ්න් ඔෆ් ඩිසීස් සංවිධානය පෙන්වා දෙන්නෙ.

අපේක්ෂිත ආයු කාලය මනින්නේ රටක විවිධ වයස්වල සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතය ද සැලකිල්ලට ගනිමින්. පුද්ගලයෙකුගේ වයස , ස්තී‍්‍ර පුරුෂ භාවය සහ රට අනුව අපේක්ෂිත ආයු කාලය ගණනය කෙරෙනවා. ඉදිරියේදි තවත් අපේක්ෂිත ආයු කාලය වැඩිවනු ඇතැයිද ද ග්ලෝබල් බර්ඩ්න් ඔෆ් ඩිසීස් ආයතනය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo