පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින නිවාස ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා.
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ වෙහෙරගල හා ගල්එළිය යන ග්‍රාමයන්හි නව නිවාස ව්‍යාපෘති දෙකක් සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ (30) මුල්ගල තැබුවා.
ඒ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙසයි මෙම නිවාස ඉදි වන්නේ. 2025 දී සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවන මෙම නව නිවාස ව්‍යාපෘති දෙක සඳහා එක් නිවසකට වැය වන මුදල රුපියල් ලක්ෂ පහක්.
සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ මේ වන විට දිඹුලාගල ප්‍රදේශයේ ගම්මාන 12ක ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර තවත් 8ක් ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.
අමාත්‍ය වසන්ත සේනානායක,