fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 19:40

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් අද  පස්වරුවේ පත්කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරනවා. අද  දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය අධිකරණ නියෝගයක් හේතුවෙන් අවලංගු කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීමට හා නිලවරණය පැවැත්වීමට මෙම අතුරු කමිටුව කටයුතු කරනු ඇති.

අද පත්වන අතුරු කමිටුව ත්‍රිපුද්ගල එකක් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. අල්ජසීරා නාලිකාව වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණතීරුව බුකීකරුවන්ට අවශ්‍ය ලෙස සකස් කළ හැකි බවට මෙරට ක්‍රිකට් නිලධාරීන් තුන්දෙනෙකු ප්‍රකාශ කළ බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්‍ෂණයක් ආරම්භ කළා. සිද්ධිය වාර්තා වීමත් සමග අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එසේ තිබියදී ආණ්දෝලනයට තුඩුදුන් ගාල්ල තණතීරුව ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින අයුරු දක්නට ලැබෙනවා. එලෙස තණතීරුව ප්‍රතිසංස්කරණය කරන්නේ කුමන කරුණක් අරඹයාද යන්න පිළිබඳව වාර්තා කිරීමට ගිය අප වාර්තාකරුට ද ගාල්ල ක්‍රීඩාපිටිය භාර බලධාරීන්ගෙන් බාධා කිරීම් ද සිදු වුණා. තණතීරුව වෙනස් කරන්නේ කළින් කළ සැලැස්මකට අනුවද යන්න පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අප විමසා සිටිය ද ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 19:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්