කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තාකර තිබෙනවා.ඇල්ෆා ලයිනර් වාර්තාවලට අනුව කොළඹ වරාය පසුගිය වසරට සාපේක්ෂව 2018 පළමු කාර්තුවේ බහාලු මෙහෙයුම් 16.2%ක වර්ධනයක් පෙන්නුම්කර තිබෙනවා.
මෙය 2006 වසරට සාපේක්ෂව 8.3%ක කැපී පෙනෙන වර්ධනයක්. මෙය කොළඹ වරාය ලැබූ සුවිශේෂි ජයග්රහනයක් වන්නේ 16.5%ක වර්ධන අනුපාතයක් පෙන්නුම්කරන සිංගප්පූරු වරායට පමණක් දෙවැනි වීමයි. ලොව වරාය වර්ගීකරණයේදී 23 වන ස්ථානය හිමිකර ගත් කොළඹ වරාය තවදුරටත් ප්රවර්ධනය කිරීමේ අරමුණෙන් වරායේ ක්රියාත්මක ප්රධාන පර්යන්ත තුන සාමූහික ගිවිසුමකට අත්සන් තැබීම වරාය අධිකාරියේදී පසුගියදා සිදුකෙරුණා. එම ගිවිසුමට අනුව එම පර්යන්ත බහාලු මෙහෙයුම් සාමූහිකව සිදුකරනවා.