දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං තත්වය මැයි මස 31 වන දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල විටින් විට හමන පැ .කි.මී 50-60 දක්වා තද සුළං ද බස්නාහිර,වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තුවේ.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 35-45 ක් පමණ වේ.මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළුහෝ ඉතා රළු විය හැක.මන්නාරම සිටකන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.