රුසියා මාධ්‍යවේදියෙකුට යුක්රේනයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ආර්කේඩි බැබ්චෙන්ගෝ යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි නිවස ආසන්නයේදීයි ඝාතනය කර තිබෙන්නේ.
2016 වර්ෂයේදී රුසියා හමුදා ගුවන් යානයක් කඩා වැටීම පිළිබද විවිධ ලිපි පළ කිරීමත් සමග ඔහුට මරණ තර්ජන එල්ල වූ බවට ද වාර්තා වුනා. ඒ හේතුවෙන් ඔහු සිය මව්රට අතහැර ආ බව සදහන්. ඔහු පුටින් විරෝධියෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධව එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.