fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 30, 2018 14:50

ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට නිකුත් කෙරේ

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31) ප්‍රකාශයට පත් කෙරේ.

කොළඹ අලුතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කිලෝමීටර 2කින් වැඩි වී ඇතැයි මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත මහතා පැවසීය. එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කොට තිබේ.

නව ශ්‍රී ලංකා සිතියමේ 1:500 පරිමාණයේ මුද්‍රිත පිටපත් ජූනි මස මැදභාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව ද උදයකාන්ත මහතා පවසයි. එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැක.

ITN News Editor
By ITN News Editor මැයි 30, 2018 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්