ගොවි ජනතාවගෙන් සීමාවකින් තොරව වී මිලදී ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
අම්බලන්තොට , දෙහිගහලන්ද වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පරිශ්‍රය වෙත ගිය අමාත්‍යවරයා එහි කටයුතු සොයාබැලුවා. මාස්කන්නයේ වී අස්වනු මේ වනවිට වෙළෙඳපොලට නිකුත් කෙරෙනවා. ඇතැම් ව්‍යාපාරිකයින් ගොවි ජනතාවගෙන් වී අස්වනු අඩු මිලට මිලදී ගන්නා බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගොවි ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු සීමාවකින් තොරව වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. වී මිලදී ගැනීමේදී තෙතමනය පරීක්ෂාවට ලක්කෙරෙන අතර එහිදී ගොවි ජනතාව අපහසුතාවට ලක්වීම වැළැක්වීමේ අරමුණෙන් ගබඩා ආශ්‍රිතව වී වේලීමේ යන්ත්‍ර සවිකිරීමට අවදානය යොමුව තිබෙනවා.