බෙල්ජියමේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.බෙල්ජියමේ ලීජ් නගරයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූවන් අතර පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ද වන බව එරට වාර්තා සදහන් කළා. වෙඩි ප්රහාරයෙන් තවත් පොලිස් නිලධාරිනියන් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙහිදී වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති අතර පොලිස් වෙඩි තැබීමෙන් තුවක්කුකරුද ජීවිතක්ෂයට පත්වුණා.