සාමූහික ක්රියාකාරීත්වයතුලින් විශ්වීය සෞඛ්‍ය ඉළක්ක ජයගැනීමට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමිව පැවැති 143වන විධායක මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්යසභාපති ධූරයට නිතරගයෙන් තෝරා පත් කර ගන්නා ලදි. ඉන් පසුවිධායක මණ්ඩල රැස්වීම ඇමතූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසිය.
“මම ලෝක සෞඛ්යසංවිධානයේ නියෝජ්‍ය සභාපතිධූරයට තෝරා පත් කර ගැනීම තුලින් පිළිගැනිමක් සහ මා හටගෞරවයක් ලැබී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා, කළාපීය අධ්යක්ෂවරියදක්වන විශිෂ්ට නායකත්වය සහ දැක්මට මම ස්තූතිය පුද කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේවිශිෂ්ටතම සේවාව සැපයිමට ඔවුන්ට හැකියාව තිබෙනවා. 71 වන වාර්ෂික සැසිවාරයේ දීරටවල් 192 ක් නියෝජනය කරමින් පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ගේ අත්දැකීම්ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව ආශ්රිත අත්දැකීම් මා විසින් ඉදිරිපත් කර තිබෙනවා.අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලගා කර ගන්න පුළුවන්.සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් ඉළක්ක ජයගැනීමේ හැකියාව තිබෙනවා. විශ්වීය සෞඛ්යරැකවරණය ලබාදීම සදහා එක්ව ක්‍රියාකරමු යැයි මම සියලු රටවලට ආරාධනා කරනවා.”
මෙම විධායකමණ්ඩල රැස්වීම අද (29) අවසන් වීමට නියමිත අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා (31) දින අළුයම දිවයිනට පැමිණීමට ද නියමිතය.