පසුගිය වසරකිහිපය හා සසැදීමේ දී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් 2018 වසරේ ගත වූ කාලය තුල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවැසුවේ එය 70% ක අඩුවීමක් බවයි.
පසුගිය දිනවල ඇදහැලුනු වැසි හේතුවෙන් පුත්තලම, මඩකළපුව සහ කල්මුණේ යන ප්‍රදේශවල රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ඇත. මේ වන විට දිවයින පුරා පිහිටි රෝහල්වලට සතියකට ඩෙංගු වැළදුන රෝගීන් 500ක් පමණ ඇතුලත් වන බව අධ්යක්ෂවරයා සදහන් කරයි. වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජලය එක්රැස් වී ඇති අතර ඒවා ඉවත් කිරීමටත් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නමහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
ලබන මස07,08,09 යන තෙදින ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් දිවයින පුරා දියත් කිරීමට කටයුතුයොදා ඇති අතර ඒ සදහා පළාත් පාලන ආයතන, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.