තාවකාලිකව අත්හිට වූ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන සතියේ සිට යළි ආරම්භ කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පාසල් රග්බි සංගමයට උපදෙස් ලබා දුන්නා.
ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදියි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කළ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය පසුගියදා තාවකාලිකව නවතා දැමුණා. මෙම ගැටුමට ල් වූ පාසල් ඇතුළු පළමු පෙළ රග්බි ක්‍රීඩා කරන සියලු පාසල් නියෝජිතයින් සහ රග්බි විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරීන් අතර ක්‍රීඩා ආමාත්යාංශයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නැවත එවැනි ගැටුම් ඇති නොවීට කටයුතු කිරීම පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. ඒ අනුව අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉදිරි තරග ලබන සතියේ සිට පවත්වන ලෙසයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අදාළ නිලධාරීන්ට උබදෙස් ලබා දුන්නේ.