fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 ලෝක රබර් සමුළුව කොළඹ දී

ITN News Editor
By ITN News Editor මැයි 8, 2018 15:38

2018 ලෝක රබර් සමුළුව කොළඹ දී

ලෝක රබර් සමුළුව කොළඹ දී පැවැත්වෙනවා. ඊයේ ආරම්භ කෙරුණු සමුළුව අද දිනයේ ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම මෙම සමුළුව සංවිධාන කරනවා. සමුළුව අද ආරම්භ කෙරුණේ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රබර් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් රබර් කර්මාන්තය නගා සිටුවීමට වැඩි දායකත්වයක් හිමිවනවා. ලෝක රබර් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ විශේෂඥයින් මෙම සමුළුවට සහභාගි වී සිටිනවා. මෙහිදී සමුළුව ඇමතූ අමාත්‍යවරයා.

අමාත්‍ය නවීන් දිසානායක,

මෙරට රබර් නිෂ්පාදකයින්ට එම ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රමුඛයන් හමුවීමට අවස්ථාව ලැබීම වැදගත්. මෙම සමුළුවේ දී නවතම රබර් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් විය හැකියි. එමෙන්ම නව නිෂ්පාදන පිළිබඳවත් අවධානය යොමු කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික රබර් හා රබර් නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළ හඳුනා ගැනීමට ද සමුළුව තුළින් අවස්ථාව උදාවනවා.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2018 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo