fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 92ක ආදායමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2018 15:56

මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 92ක ආදායමක්

යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් වීමෙන් පසුව පසුගිය මාස 21 තුළ මත්ස්‍යයින් මෙට්‍රික් ටොන් 58,578ක් අපනයනය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කෙරුණේ 2016 වසරේ ජුලි මාසයේ දීයි. ඉන් පසුව මේ දක්වා අපනයනය කර ඇති මත්ස්‍යයින්ගේ වටිනාකම රුපියල් මිලියන 92,117ක්. 2014 වසරේ අපනයනය කර ඇති මසුන්ගේ වටිනාකම රුපියල් මිලියන 2103ක් පමණයි. මේ අනුව බැලූ විට ආදායම බොහෝ ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ වසරේ ජනවාරි හා මාර්තු අතර කාලය තුළ පමණක් උපයා ඇති ආදායම මිලියන එකොළොස් දහසකට අධිකයි. මේ වන විට මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 36 සිට 68 දක්වා ඉහළගොස් තිබීම ද විශේෂත්වයක්. මෙරටින් අපනයනය කෙරෙන ටූනා මසුන්, ඉස්සන්, පොකිරිස්සන් හා කකුළුවන් සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් පවතිනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2018 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo