fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයන ආදායම 2020 දී ඇමෙරිකා ඩොලර් මිලියන 1500 ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2018 15:49

අපනයන ආදායම 2020 දී ඇමෙරිකා ඩොලර් මිලියන 1500 ක් දක්වා ඉහළට

වසර 2020දී අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 1500ක් බවට පත් කිරීම අරමුණ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. දිවයින පුරා බෝග පැළ දස කෝටියක් බෙදා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ,

” මේ රජය අපි භාර ගන්නකොට අපි මීතොටමුල්ලේ කුණු කන්දත් එක්ක ණය කන්දකුත් අපේ ඇඟ උඩට වැටුණා..අපි ඔක්කොම කල්පනා කරන්න ඕනේ අපේ දරුවට මේ ණය කන්ද ඉතුරු කරන්නේ නැතුව අපේ ජීවිත කාලය තුළ අපි ඒ ණය ටික ගෙවලා අපේ දරුවන්ව මේ ණය වලින් නිදහස් කරන්න…මේ රටේ ඉන්න රජයේ නිළධාරි පමණක් නෙමෙයි හැම කෙනෙක්ම අපි එකතු කරගෙන මම බලාපොරොත්තු වෙන්නේ මෙම අපනයන ආදායම ඩොල්ර් මිලියන 1500ක් වෙනකන් වැඩි කරන්න 2020 වෙනකොට …”

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට සමගාමීව පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයයි. දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි එය ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ වී තිබෙනවා. ව්‍යාපෘතියට අදාල අපනයන බෝග පැළ බෙදාදීම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ හා නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. මේ එහිදී අදහස් පළ කළ නීතිය සාමය හා රාජ්‍ය පරිපාලණ හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර,

” අද අපේ වන භූමිය 22% ක් වෙනකන් ඩු වෙලා තියනවා…අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් දේශගුණික විප්ලවයන්ට ,කාලගුණික විපර්යාසයන්ට සරිලන පරිසරයක් හදන එක අපේ යුතුකමක් …”

සුහුරුපායේ පැවති මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2018 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33