ඕස්ට්‍රේලියාවේ වනාන්තරයකින් සොයා ගනු ලැබූ නව මකුළු විශේෂයක් ඔවුන්ගේ හැසිරීම පාදක කරගෙන මොණර මකුළුවන් (peacock spiders) ලෙස නම් කර තිබෙනවා. මෙම මකුළු විශේෂයේ නව වර්ග 7ක් සොයා ගැනීමට හැකි වූ බවයි විද්‍යාඥයන් පවසන්නේ. සිය සහකාරිය හෝ සහකරුවා ආකර්ෂණය කර ගැනීමේ අභිලාෂයෙන් සිය වර්ණවත් අඬු සහ ශරීරයේ සෙලවීම් සිදු කරනු ලබන මකුළු විශේෂයක් බවයි වාර්තා වන්නේ.
‘ස්පයිඩර් ජර්නල් පෙකාමියා’ (spider journal Peckhamia) සඟරාවේ ‘ඩේවිඩ් හිල් සමගින් නව සත්ව විශේෂ’ යනුවෙන් ලිපියක් පළ කරමින් විද්‍යාඥ ‘ජර්ගෙන් ඔටෝ’ සහ මකුළුවන් පිළිබඳ විශේෂඥ ‘ඩේවිඩ් නොව්ල්ස්’ සිය නව සොයා ගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.