පාසලක ළමයින් පිරිසක් කරපු වැඩක් නිසා ගුරුවරයෙක් ලෝකයේ සරාගීම ගුරුවරයා විදිහට තේරීලා තියෙනවා. මේ සිදු වීම වාර්තා වන්නේ ඉතාලියේ පාසලකින්. පියෙත්‍රෝ බොසැල්ලි කියන වයස අවුරුදු 28ක තරුණ ගුරුවරයා ගණිත විෂය පිළිබඳ උපාධිධාරියෙකු වනවා. ගණිත ගුරුවරයකු වශයෙන් පාසලේ ප්‍රසිද්ධියට පත් වුණු පියෙත්රෝට පාසලේ ගුරුවරියන් හා ශිෂ්‍යාවන්ගෙන් නම් බේරිල්ලක් නැහැලු.
පාසලේ ශිෂ්‍යාවන් පිරිසක් තමන්ගේ ගණිත ගුරුවරයාගේ ඡායාරූප ටිකක් ලොව සරාගීම ගුරුවරයා තේරීමේ තරඟයට යොමු කරලා. තරඟයෙන් තේරුණාට පස්සේ තමයි පියෙත්‍රෝ දැනගෙන තියෙන්නේ. ලෝකප්‍රසිද්ධ Armani සමාගමේ නවතම නිරූපණ ශිල්පියා විදිහටත් කටයුතු කරන්න පියෙත්රෝට අවස්ථාව හිමිවෙලා. පියෙත්‍රෝ කියනවා පොඩි කාලෙත් නිරූපණයට එන්න කැමැත්තක් තිබුණත් ඉගෙනීම් කටයුතු නිසා මඟහැරුණා කියලා. මේ ලැබුණු අවස්ථාව ගැන නම් පියෙත්රෝට තියෙන්නේ ලොකු සතුටක්.